වනඅලි ප්‍රහාරයකින් මවක් මරුට

වනඅලි ප්‍රහාරයකින් මවක් මරුට

March 13, 2024   02:49 pm

වනඅලියෙකු කඩාපැනීම හේතුවෙන් කුඩා දරුවෙකු සමග තවත් නිවසකට දුව යමින් සිටි කාන්තාවක් වනඅලි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම සිද්ධිය ඊයේ (12) රාත්‍රියේ මඩු කට්ටෙඅඩප්පන් ප්‍රදේශයෙන් වාර්තාවී තිබුණි.

මියගොස් ඇත්තේ 27 හැවිරිදි කට්ටෙඅඩප්පන් ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ඇය සිය සැමියා සහ දරුවා සමග එම නිවසේ පදිංචිව තිබුණි.

සිද්ධියෙන් තුවාල ලැබූ කුඩා දරුවා ප්‍රතිකාර සඳහා මන්නාරම රෝහලට ඇතුළත් කර ඇත.