ඇල්පිටිය බිහිසුණු වෙඩිතැබීමේ අලුත්ම කතාව

ඇල්පිටිය බිහිසුණු වෙඩිතැබීමේ අලුත්ම කතාව

March 11, 2024   08:41 pm

Update- 9.10PM

පිටිගල පොලිස් වසමේ ගුරුවල ප්‍රදේශයේ වෙළෙඳසැලක් ඉදිරිපිට වෙඩිතැබීමක් සිදුකර තිබේ.

වෙඩි තැබීමෙන් එම ස්ථානයේදීම පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය වැඩිදුරටත් පවසන්නේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාවක් සහ තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ගල්ළිඳ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැකපළකරයි.

පිටිගල පොලීසිය වෙඩිතැබීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

-------------------------------------------------------------------------------------
8:41 pm

වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මරුට

ඇල්පිටිය පිටිගල සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

වෙඩිතැබීම හේතුවෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

වෙඩිතැබීම සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.