බලංගොඩ බස් - ලොරි  අනතුර (CCTV)

බලංගොඩ බස් - ලොරි අනතුර (CCTV)

March 5, 2024   11:10 am

කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ  බලංගොඩ ඇල්ලෙපොළ ප්‍රදේශයේදී අද (05) උදෑසන බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් ලොරි රථයේ රියදුරු බරපතළ තුවාල ලබා බලංගොඩ මුලික රෝහලට ඇතුළු කර තිබේ.

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය ⁣වෙමින් තිබු හෝමාගම ඩිපෝවට අයත් ශ්‍රී ලංගම බස් රථයක එම ලොරි රථය ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කීය.

අනතුර සිදුවෙන අයුරු ඒ අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබිණි.

බස් රථයේ  රියදුරු සැකපිට අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.