බිත්තර ගැන අමරවීරගෙන් ප්‍රකාශයක්

බිත්තර ගැන අමරවීරගෙන් ප්‍රකාශයක්

March 2, 2024   07:01 am

මෙරට බිත්තරයක් නිෂ්පාදනය සඳහා වැය වන මුදල රුපියල් 30ක් වුව ද මේ වන විට වෙළෙඳපොළෙහි දේශීය බිත්තරයක මිල රුපියල් 60 දක්වා ඉහළ ගොස් ඇති බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ, බිත්තර නිෂ්පාදකයන් හා වෙළෙඳ මාෆියාව විසින් ජනතාව අනිසි ලෙස ගසා කෑම වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි උපරිම සිල්ලර මිලක් බිත්තර සඳහා පැනවීමට පියවර ගන්නා බවයි.

මෙම උපරිම සිල්ලර මිල ලබන සතියේ දී පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට නියමිත බව ද මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කර තිබේ.