යුක්‍රේන ජනපතිගෙන් ප්‍රකාශයක්

යුක්‍රේන ජනපතිගෙන් ප්‍රකාශයක්

February 25, 2024   10:39 pm

ගෙවුණු වසර දෙකක කාලය තුළදී යුක්‍රේනයේ සෙබළුන් 31,000ක් මියගොස් ඇති බව එරට ජනාධිපතිවරයා පවසයි.

රුසියානු හමුදා විසින් යුක්‍රේනයේ ආක්‍රමණය ආරම්භ කර වසර දෙකක් සපිරීම නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ව්ලොද්මීර් සෙලෙන්ස්කි මේ බව සඳහන් කර තිබේ.

එසේම මෙම යුදමය වාතාවරණය සමග සිවිල් වැසියන් දස දහසකට ආසන්න පිරිසක් මියගොස් ඇති බවද යුක්‍රේන ජනපති පවසයි.