ඩිලන්ත මාලගමුවගෙන් ඉල්ලීමක්

ඩිලන්ත මාලගමුවගෙන් ඉල්ලීමක්

February 25, 2024   12:09 pm

2024 GT 2 යුරෝපා මෝටර් රථ ධාවන තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ධාවන ශූරයින් දෙදෙනෙකු වන ඩිලන්ත මාලගමුව සහ අශාන් සිල්වා ක්‍රීඩා ලෝලින්ගේ සහයෝගය අපේක්ෂා කරයි.

ඒ සඳහා වසරකට යුරෝ ලක්ෂ තුනක පමණ මුදලක් වැය වනු ඇති බව ඔවුන් සඳහන් කර ඇත.

2024 වර්ෂය සඳහා රටවල් හයක පැවැත්වෙන මෙවර GT 2 යුරෝපා මෝටර් රථ ධාවන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවීණ මෝටර් රථ ධාවන ශූරයන් දෙදෙනෙකු වන ඩිලන්ත මාලගමුව සහ අශාන් සිල්වා සහභාගි වීමට නියමිත ව තිබේ.

කෙසේ වෙතත් එම තරගාවලියට සහභාගි වීම සඳහා තමන්ට විශාල මුදලක් වැය වන බව කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් සඳහන් කර ඇත.

ඒ සඳහා වසරකට යුරෝ ලක්ෂ තුනක් පමණ වැය වන බවත් ඒ වෙනුවෙන් හැකි අයුරින් සහයෝගය දක්වන ලෙසත් ඔවුන් ක්‍රීඩා ලෝලින්ගෙන් මෙහි දී ඉල්ලා තිබේ.