විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට නව ආයතනයක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට නව ආයතනයක්

February 23, 2024   07:59 am

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට උසස් අධ්‍යාපන සංවර්ධන කොමිෂන් සභාව නම්වූ නව ආයතනය කඩිනමින් සක්‍රීය කිරීමට අවශ්‍ය මූලික පියවර ගෙන ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඊට අදාළ කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමෙන් අනතුරුව නව කොමිෂන් සභාව බලාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මෙම අදහස් පළ කළේය.

මේ අතර ජාතික ජන බලවේගය පක්ෂය සහ අන්තර් විශ්වවිද්‍යාලීය
ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ පස්වරුවේ සිදුවී තිබේ.

එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ වර්තමානයේ මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් නිර්මාණශිලි උපාධිධාරීයෙකු බිහිනොවන තත්ත්වයක් උද්ගතවී ඇති බවය.