සංගීත ගුරුවරිය ඝාතන සැකකරු නැවතත් රිමාන්ඩ්

සංගීත ගුරුවරිය ඝාතන සැකකරු නැවතත් රිමාන්ඩ්

February 19, 2024   06:59 pm

කොළඹ 07, විජේරාම මාවතේ නිවසක පදිංචිව සිටි  මිත්‍රානි ප්‍රනාන්දු නමැති සංගීත ගුරුවරිය ඝාතනය කළ බවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරු ව මාර්තු මස 4 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කළේය.

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි එම සැකකරු කොළඹ නිවාසවල වතු සුද්ධ පවිත්‍ර කරන කම්කරුවෙක් බවත් ඔහු අවිවාහකයෙකු බවත් පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.

සැකකාර පුද්ගලයා ඉකුත් දෙසැම්බර් මස 15 වනදා උදෑසන මිත්‍රානි මහත්මියගේ නිවස සුද්ද පවිත්‍ර කටයුතු සඳහා ගොස් ඇති අතර, එහිදී ඇයට අතවර කර පසුව වයර් කැබැල්ලකින් ගෙල සිරකර ඝාතනය කළ බවටත් ඔහු පාපොච්චාරණය කළ බවද පොලිසිය පෙර නඩු වාරයේදී අධිකරණයට දැනුම් දී තිබුණි.