කල්පිටිය OICගේ වැඩ තහනම් කරයි

කල්පිටිය OICගේ වැඩ තහනම් කරයි

February 15, 2024   06:01 pm

කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකළ බවට චෝදනා එල්ලවූ පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් කොමිසමේ තීරණයකට අනුව එලෙස කල්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර ඇත.

මීට පෙර ඔහු අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඇප නියම කෙරුණු අතර නඩුව මාර්තු මස 06 වනදා කැඳවීමට නියම කෙරුණි.