මැතිවරණ නඩුව අත්හිටුවන්නැයි ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි
සයුරෙන් එතෙර

මැතිවරණ නඩුව අත්හිටුවන්නැයි ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

February 13, 2024   07:55 am

තමා වෙත නඩු පැවරීමෙන් වැළකී සිටීමට ජනාධිපති මුක්තිය නොමැති බවට පහළ අධිකරණ ලබාදුන් තීන්දු අත්හිටුවන ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එරෙහිව 2020 මැතිවරණයට අදාළ සිද්ධිය ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මේ වන විට නඩු විභාග පැවැත්වෙන අතර, තමාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය කඩාකප්පල් කිරීම එහි අරමුණ වී ඇති බව ට්‍රම්ප් පෙන්වා දෙයි.

එබැවින් පහළ අධිකරණ ලබාදුන් තීන්දු අත්හිටුවීමට පියවර ගන්නා ලෙස ඔහුගේ නීතීඥයින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවන වරටත් අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස පත්වුවහොත් අමෙරිකාව නේටෝ සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් කරගනු ඇති බව අමෙරිකානු හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබේ.

නේටෝ අයවැය ඉලක්ක සපුරා නොගන්නේ නම්, අමෙරිකාව තවදුරටත් නේටෝ සංවිධානය වෙනුවෙන් මුදල් වැය නොකරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබිණි.