මාළු, මාළු කියා විකිණූ කසිප්පු 

මාළු, මාළු කියා විකිණූ කසිප්පු 

February 12, 2024   01:36 pm

සිය යතුරුපැදියේ මාළු විකිණීමට භාවිතා කරන පෙට්ටියක් බැඳගෙන මාළු විකුණන මුවාවෙන් මීගමුව සහ කටාන ප්‍රදේශ වල  කසිප්පු විකුණූ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ. 

එම සැකකරුව රුපියල් 200,000ක පමණ වටිනාකමක් සහිත කසිප්පු තොගයක් ද සමග අද (12) උදෑසන කටුනායක පොලීසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු හීනටියන ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි. මොහු වසර ගණනාවක සිට මෙම ජාවාරම කර ගෙන ගොස් තිබූ බව පොලීසිය පවසයි.