සමාජ මාධ්‍යයෙන් මඩ ගහපු අයෙක් අත්අඩංගුවට

සමාජ මාධ්‍යයෙන් මඩ ගහපු අයෙක් අත්අඩංගුවට

February 10, 2024   09:22 pm

සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාරයන් කළ පුද්ගලයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ අදාළ සැකකරු දේශපාලනඥයෙකුගේ සහාය ලබමින් ද්වේශ සහගත ලෙස මෙම මඩ ප්‍රචාරයන් සිදුකර ඇති බවය. 

අද (10) පානදුරේ පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඉදිරියේදී එම නම් හෙළිවනු ඇති බවය. 

පානදුර කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා,

"ඊයේ CID එකෙන් අත්අඩංගුවට ගත්තා පුද්ගලයෙක්. හාර ලක්ෂ ගාණනක් ඒ පුද්ගලයා අතේ තිබුණා. මේ සාමාජ මාධ්‍ය ජාලය පාවිච්චි කරගෙන අපිට මඩ ගහන පුද්ගලයින්. ඒ පුද්ගලයාට දේශපාලනඥයෙක් තමයි මේ සල්ලි දුන්නේ.  ඒ කාර් එකේ කොටුවට ගිහිල්ලා ඩොලර් ටික මාරු කරගෙන සල්ලි ටික අතේ තියෙනකොට තමයි අත්අඩංගුවට පත්වෙන්නේ. අපිටද, රජයටද, පොලිස්පතිතුමාට, ඔය ඔක්කෝටම මඩ ගහන්න සමාජ මධ්‍ය ජාල පාචිච්චි කරනවා. ඒක හින්දා තමයි අපි මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගෙනාවේ. ආණ්ඩු පෙරළන්න වුණත් පාචිච්චි කරන්නේ මේ සමාජ මාධ්‍ය. මම අද කියන්නේ.... මේ පනත ප්‍රශ්නයක් වෙන්නේ සමාජ මාධ්‍ය වැරදි විදිහට හසුරවන අයට පමණයි."