දුම්රිය පීලිපැනීමක්

දුම්රිය පීලිපැනීමක්

February 9, 2024   05:31 pm

නාවලපිටිය සිට නානුඔය දක්වා ධාවනය වු 779 මගී සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පීලිපැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ වටවල සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර 102 සැතපුම් කණුව අසල දී (09) පස්වරු 5ට පමණ එම දුම්රියේ එන්ජිම සහ මැදිරියක් පීලි පැන ඇති බව දුම්රිය පාලක මැදිරිය කියා සිටියේය.

පීලිපැනීමට ලක් වු දුම්රිය පිලිගත කරන තෙක් කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය කරන දුම්රියන් වටවල දුම්රිය ස්ථානය දක්වාත්, බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය කරන දුම්රියන් හැටන් දුම්රිය ස්ථානය වෙත ධාවනය කර එතැන් සිට දුම්රියන් දෙකෙහි මගීන්ව දුම්රියන්වලට මාරු කර සිය ගමනාන්තය දක්වා යොමු කරන බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේය.

දුම්රිය පීලිපැනිමෙන් දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදු වී ඇත.