සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති තීරණයක් ගනී

සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති තීරණයක් ගනී

January 30, 2024   03:35 pm

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති කිහිපයක් අද (30) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවක නිරත විය.

රජයේ වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් තිස් පන්දහසක ඩැට් දීමනාව තමන්ට ද ලබා දෙන්නැයි ඉල්ලමින් ඔවුන් එම විරෝධතාවය පවත්වා තිබේ.

කෙසේවෙතත්, ඔවුන් මේ වනවිට සිය විරෝධතාව අවසන් කර ඇත.

සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු උපුල් රෝහණ මහතා සඳහන් කළේ.ලබන මස 01 වනදාට පෙර සිය ඉල්ලීම්වලට විසඳුම් ලැබෙනු ඇතැයි යන අපේක්ෂාවෙන් ඔවුන් එම තීරණය ගත් බවයි.