මැතිවරණ දිනයේ බංග්ලාදේශයේ ගිනි

මැතිවරණ දිනයේ බංග්ලාදේශයේ ගිනි

January 7, 2024   10:06 am

බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි ඡන්ද මධ්‍යස්ථානයක් ඇතුළු ඡන්ද මධ්‍යස්ථාන 14කට ගිනි තබා තිබේ.

එරට මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද (07) දිනයේ සිදු වන අතර, ඊයේ දිනයේ මෙම ගිනි තැබීම් සිදු කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

සිකුරාදා දිනයේ මගී දුම්රියකට ද ගිනි තබා තිබූ අතර එහි දී පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 08 දෙනෙක් තුවාල ලැබූහ.

අදාළ ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට විපක්ෂයේ ප්‍රධාන දේශපාලඥයෙකු ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට පොලීසිය සඳහන් කරයි.