ඉන්දියානු සාගරයේ තවත් භූ කම්පනයක්

ඉන්දියානු සාගරයේ තවත් භූ කම්පනයක්

December 29, 2023   08:12 am

යාවත්කාලීන කිරීම...

December 29, 2023   08:45 am

ඉන්දියන් සාගරය තුළ අද (29) පෙරවරු 8ට පමණ තවත් භූ කම්පනයක් වාර්තාවී තිබේ.

ඒ අනුව එම කාලාපය තුළ මේ වනවිට සිදුවී ඇති කම්පන සංඛ්‍යාව 4කි.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන මහත්මිය පැවසුවේ අද පෙරවරු 8ට සිදුවූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 5ක් ලෙස සටහන්වී ඇති බවය.

මීට පෙර රික්ටර් පරිමාණයේ ඒකක 4.8ක්, 5.2ක් සහ 5.8ක් ලෙස කම්පන 3ක් වාර්තාවී තිබුණි. 

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවය.

ඉන්දියානු සාගරයේ මාලදිවයින ආසන්නයේ මෙම භූ කම්පන වාර්තා වී ඇත.

සාගර පතුලේ කඳුවැටියක මෙම භූ කම්පන හටගෙන ඇති බවද වාර්තා වෙයි.

-----------------------

ඉන්දියන් සාගරයේ භූ කම්පන දෙකක්

December 29, 2023   08:12 am

ඉන්දියන් සාගරය තුළ අද (29) අලුයම භූ කම්පන දෙකක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන මහත්මිය පැවසීය.

එහි එක් කම්පනයක් රික්ටර් පරිමාණයේ 4.8ක් ලෙසත් දෙවන කම්පනය 5.8ක් ලෙසත් වාර්තා වී තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවය.

ඉන්දියානු සාගරයේ මාලදිවයින ආසන්නයේ මෙම භූ කම්පනය වාර්තා වී ඇත.