ගාසාහි සරණාගත කඳවුරකට ගුවන් ප්‍රහාරයක්
සයුරෙන් එතෙර

ගාසාහි සරණාගත කඳවුරකට ගුවන් ප්‍රහාරයක්

December 25, 2023   11:41 am

ගාසාහි අල් මගාසි සරණාගත කඳවුරට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 70 දෙනෙකු මිය ගොස් තිබේ.

ඒ අතරින් බහුතරය කාන්තාවන් සහ දරුවන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සරණාගත කඳවුරුවල ධාරිතාව ඉක්මවා පිරිස් වාසය කිරීම හේතුවෙන් මරණ ගණන තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතී.

මෙවන් පසුබිමක ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් සඳහා ඊජිප්තුව නව සටන්විරාම යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.