පැහැරගත් කෝටිපති ව්‍යාපාරිකයා සොයාගනී

පැහැරගත් කෝටිපති ව්‍යාපාරිකයා සොයාගනී

December 20, 2023   05:58 pm

පැහැරගත් බවට වාර්තා වූ බ්‍රිතාන්‍ය ජාතික කෝටිපති ව්‍යාපාරිකයෙකු සොයාගැනීමට ඉක්වදෝරයේ පොලීසිය සමත්ව තිබේ.

මෙලෙස පැහැරගෙන ගොස් තිබුණේ Colin Armstrong නමැති 78 හැවිරිදි වියේ පසුවන ව්‍යාපාරිකයෙකි.

ඔහු හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුද වෙයි.

ඉක්වදෝරයේ ඔහුට අයත් ගොවිපොළක සිටියදී මෙම පැහැරගැනීම සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පොලීසිය ලෙස සැරසුණු 15 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් විසින් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර අදාළ පැහැරගැනීම සැලසුම් කළ බවට සැක ඔහුගේ පෙම්වතියගෙන් ද මේ වනවිට පොලීසිය ප්‍රශ්න කරමින් සිටී.

එසේම අදාළ පැහැරගැනීමේ සිදුවීම වාර්තා වීමෙන් අනතුරුව ඔහුගේ පෙම්වතිය බෝම්බ සහිත කබායකින් සැරසී ගොවිපොළේ සිටියදී සොයාගෙන ඇත.

එම අවස්ථාවේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් විසින් ඇයගේ බෝම්බ කබාය ඉවත් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.