ඇල්පිටියේ අයවැය පොහොට්ටුව පරදී

ඇල්පිටියේ අයවැය පොහොට්ටුව පරදී

December 5, 2023   06:34 pm

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මෙවර අයවැය අද (05) පරාජයට පත්ව තිබේ.

වැඩි ඡන්ද 9කින් මෙලෙස ලබන වසර සඳහා ඉදිරිපත් කර ඇති අයවැය පරාජයට පත්ව ඇත.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතා විසින් අයවැය යෝජනා සභාව වෙත ඉදිරිපත් කර තිබුණි.

උප සභාපතිවරයා ප්‍රමුඛ පාලක පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් හත් දෙනෙකුද මෙවර අයවැයට විරුද්ධව චන්දය ප්‍රකාශ කිරීම මෙහි තවත් විශේෂත්වයකි.

මීට අමතරව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හතක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙකු සහ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත.

පොදුජන පෙරමුණ නියෝජනය කරන පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් දස දෙනෙකු පමණක් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ.