ආරක්ෂකයාට පහරදීමේ සිද්ධියට කැලණියේ සිසුන් 4කට තහනමක්

ආරක්ෂකයාට පහරදීමේ සිද්ධියට කැලණියේ සිසුන් 4කට තහනමක්

December 5, 2023   11:27 am

ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් සිව්දෙනෙකුගේ පන්ති තහනම් කළ බව කැලණිය විශ්වවිද්‍යාලය දැනුම්දෙයි.

මේ අතර, කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ඊයේ (04) පියවර ගෙන තිබුණි.

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, වෛද්‍ය පීඨය හැර කැලණිය විශ්වවිද්‍යාලය ඊයේ පස්වරු 2 සිට නැවත දැනුම් දෙනතුරු වසා දමන බවය.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි ආරක්ෂක නිලධාරියෙකු විවේකාගාරයේ නිදා සිටිය දී පැහැරගෙන ගොස් රඳවාගෙන පහරදී ඔහුව ශිෂ්‍ය මධ්‍යස්ථානයට ප්‍රවේශවන ගේට්ටුවේ ගැටගසා තිබීමේ සිදුවීමට අදාළව විනයානුකූලව පියවර ගෙන අනධ්‍යයන කාර්යමණ්ඩලය සහ ශිෂ්‍යයන් අතර නැවත සාමය ඇතිකිරීම සඳහා මෙම පියවර ගත් බව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම්දී තිබුණි.