බස් - ත්‍රිවිල් අනතුරින් 13ක් රෝහලට

බස් - ත්‍රිවිල් අනතුරින් 13ක් රෝහලට

November 8, 2023   07:46 am

මාපලගම සිට කොළඹ බලා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් නාගොඩ ගල්අස්ස ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබේ.

පොලීසිය පැවසුවේ, අනතුරින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවය.

පොලීසිය පැවසුවේ එකම දිසාවට ධාවනය වූ ත්‍රිරෝද රථයක් එක්වරම දකුණු දෙසට හැරවීමට උත්සාහ දරා ඇති බවත් බස් රථය එහි ගැටීම වැළැක්වීමට රියදුරා උත්සාහ දැරීමේදී බස් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් තාප්පයක ගැටී අනතුර සිදුවූ බවත් ය.

එම අවස්ථාවේ දී බස් රථයේ මගීන් 60 දෙනෙක් පමණ ගමන් කර ඇති බව සඳහන්ය.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

ත්‍රිරෝද රථය අසල විහාරයකට යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ දී ඇත.