තවත් කාලි දේවාලයක බිලි පූජාවක් අත්හිටුවෙයි!

September 22, 2011   01:54 pm

ආරච්චිකට්ටුව, උඩුප්පුව කාලි අම්මන් දේවාලයේ හෙට දින පවත්වන්නට නියමිතව තිබුණු සත්ව බිලි පූජාව අත්හිටුවන ලෙස අද අධිකරණය විසින් නියෝග කර තිබේ.

මුන්දලම පොලීසිය විසින් වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කළ කරුණු දැක්වීම අනුව අතිරේක දිසා විනිසුරු අයි.බී ඉලංගසිංහ මහත්මිය විසින් මෙම නියෝගය කළ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

මෙම සත්ව බිලි පූජාව සිදුකරනු ලැබුවහොත් ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත විය හැකි බවට පොලීසිය විසින් අධිකරණයට කරුණු දක්වා තිබේ.

පසුගිය 12 වන දින මුන්නේශ්වරම් කාලි කෝවිලේ පවත්වන්නට නියමිතව තිබුණු සත්ව බිලි පූජාවද අධිකරණ නියෝගයක් හේතුවෙන් අත්හිටුවන්නට කටයුතු කෙරිණි.