විශාල මත්ද්‍රව්‍ය තොගයක් සමග ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

විශාල මත්ද්‍රව්‍ය තොගයක් සමග ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

October 23, 2023   08:57 pm

හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය බුද්ධි සේවාව මගින් ලද බුද්ධි තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී මෙම යාත්‍රාව නාවික හමුදාව සිය භාරයට ගෙන ඇත.

නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසන්නේ එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මේ වනවිට කොළඹ වරාය වෙත රැගෙන එමින් පවතින බවය.