රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගතකරණය ගැන රාජ්‍ය ඇමති ගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගතකරණය ගැන රාජ්‍ය ඇමති ගෙන් ප්‍රකාශයක්

October 22, 2023   01:07 pm

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගතකිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, පවතින ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීම සඳහා පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගතකිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට සාර්ථක ව සිදු කරමින් පවතින බවයි.

අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

එහි දී මෙරට විදෙස් ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අවශ්‍ය සාකච්ඡා මේ වනවිට සිදු වෙමින් පවතින බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.