පෙරහැරට රැගෙන ආ ඇතින්නියට වෙඩිතැබූ පුද්ගලයාට ඇප

පෙරහැරට රැගෙන ආ ඇතින්නියට වෙඩිතැබූ පුද්ගලයාට ඇප

September 30, 2023   04:46 pm

පෙරහැර සඳහා රැගෙන ආ ඇතින්නට වෙඩිතැබූ නිලධාරියාට ඇප ලබාදී තිබේ.

මාපාකඩවැව වන ජීවි කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලැබු සිවිල් ආරක්ෂක නිලධාරියෙක් මහියංගණ ඇසළ පෙරහැරට සහභාගී වූ සීතා ඇතින්නට වනඅලියෙකු යැයි සිතා වෙඩිතබා තිබුණි.

අද (30) පාන්දර 03.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව අප වාර්තාකරු පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ සැකකරුව මහියංගණ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු, වැඩබලන මහෙස්ත්‍රාත් එස්. ගෝවින්ද මහතා විසින් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත සැකකරු මුදාහැරීමට නියෝග කරනු ලැබීය.

වෙඩි වැදුණු ඇතින්නට මේ වනවිට ප්‍රතිකාර සිදුකර ඇති අතර සීතා ඇතින්නගේ වයස අවුරුදු 47කි.

රබර් උණ්ඩ යොදා සිදුකළ වෙඩිතැබීමකින් මෙම ඇතින්න තුවාල ලබා තිබුණි.