කොකේන් කිලෝ 4ක් සමග විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට

කොකේන් කිලෝ 4ක් සමග විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට

September 25, 2023   11:04 am

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කෙන්යානු ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (24) පස්වරුවේ දෝහා සිට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අදාළ කෙන්යානු ජාතිකයා බිස්කට් ටින් 03ක අසුරා තිබු කොකේන් කිලෝග්‍රෑම් 04ක් සමඟ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම කොකේන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 300ක් පමණ බව සඳහන් වේ.

සැකකරු හා මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය වෙත භාරදීමට නියමිත බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය වැඩිදුරටත් සඳහන් කළේය.