එළුවන් කුකුළන් අරන් ගියාට විශේෂ දේව පූජාවක්

September 14, 2011   11:17 am

මුන්නේශ්වරම් කාලි දේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන බිලි පූජාවට ගෙනැවිත් තිබූ එළුවන් සහ කුකුළන් රැගෙන ගිය පුද්ගලයින්ට එරෙහිව විශේෂ පූජාවක් පවත්වා තිබේ.

එසේ වුවද මුන්නේශ්වරම් කාලි දේවාලයේ වාර්ෂිකව පවත්වන බිලි පූජාව ඊයේ පෙරවරුවේ පැවැත්වීමට තිබුණ.

එහෙත් මෙම බිලි පූජාව තහනම් කරමින් හලාවත අතිරේක දිසා විනිසුරුවරයා තහනම් නියෝගයක් ද ඉකුත් 12 වැනිදා නිකුත් කරනු ලැබිණි.

ඊට එරෙහිව ඊයේ පෙරවරුවේ මර්වින් සිල්වා අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායමක් සත්ව බිලි පූජාව පැවැත්වීමට ඉඩ දිය නොහැකි බව පවසමින් බිලි පූජාව සඳහා ගෙනැවිත් සිටි එළුවන් සහ කුකුළන්ව හලාවත පොලිසියට භාර දී තිබුණි.

මෙම ක්‍රියාදාමයට එරෙහිව මුන්නේශ්වරම් කාලි දේවාලයේ ඊයේ පස්වරුවේ විශේෂ දේව පූජාවක් පැවැත්වූ බව අද දෙරණ වාර්තාකරු කියා සිටියි.