මුන්නේශ්වරමේ කුකුලන් එළුවන් ඇමති මර්වින්ටයි

September 13, 2011   12:04 pm

මුන්නේශ්වරම් කාලිකෝවිලේ බිලි පූජාව සඳහා සූදානම් කර සිටි කුකුලන් සහ එළුවන් මහජන කටයුතු හා මහජන සබඳතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා විසින් රැගෙන යන්නට ක්‍රියා කරන බව පවසා ඇතැයි අද දෙරණ වාර්තාකරු කියා සිටියි.

අද පෙරවරුවේ කාලිකෝවිලට පැමිණි අමාත්‍යවරයා එහි සිටි සියලුම කුකුලන් සහ එළුවන් නිදහස් කර පොලීසියට රැගෙන යන ලෙස නියෝග කළ බවත්,තමා අද සවස පැමිණ එකී සතුන් පොලීසියෙන් රැගෙන යාමට ක්‍රියා කරන බව දැන්වූ බවත් අප වාර්තාකරු පෙන්වාදෙයි.

මෙම සතුන් පසුව ගොවිපළවල් සඳහා ලබාදීමට ක්‍රියා කරන බව මහජන කටයුතු හා මහජන සබඳතා අමාත්‍ය සිල්වා මහතා අවධාරණය කර තිබේ.

අද දිනයේ ආගමික චාරිත්‍රයක් ලෙස මෙම සතුන් බිලි පූජාවට සූදානම් කර තිබුණත් අධිකරණ නියෝගයක් හේතුවෙන් බිලි පූජාව අත්හිටුවන්නට ක්‍රියා කෙරිණි.