ක්‍රිකට් තරග පැවැත්වෙන දිනවලදී කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

ක්‍රිකට් තරග පැවැත්වෙන දිනවලදී කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

September 8, 2023   07:42 am

හෙට (09) සිට ආසියානු කුසලානයේ ක්‍රිකට් තරග පැවැත්වෙන දිනයන්වලදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් අද දිනයේ දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නියමිත බව පොලීසිය පවසයි.

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග හෙට 09, 10, 12, 14, 15 සහ අවසන් මහා තරගය 17 වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.