දුම්රිය ප්‍රමාදයක්

දුම්රිය ප්‍රමාදයක්

September 2, 2023   10:05 am

පුත්තලම දුම්රිය මාර්ගයට කුඩාවැව ප්‍රදේශයේ දී ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බධා එල්ල වී තිබේ. 

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගස ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව කොළඹ සිට ධාවනය වන දුම්රිය බංගදෙණිය දුම්රිය ස්ථානය දක්වා සීමා කර ඇති අතර, පුත්තලම සිට පැමිණෙන දුම්රිය නාත්තන්ඩිය දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබේ.

ගස ඉවත් කිරීමේ කටයුතු අවසන් වන තෙක් එම මාර්ගයේ සුළු දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.