රිලාවලින් සොයාගත් නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ රථ

රිලාවලින් සොයාගත් නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ රථ

August 31, 2023   09:32 pm

ව්‍යාජ ලේඛන සකස්කර මෙරටට ගෙන්වා තිබූ සුඛෝපභෝගී ජීප් රථ 02ක් වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් සිය භාරයට ගෙන තිබේ.

මෙම සුඛෝපභෝගී ජීප් රථ සොයාගෙන ඇත්තේ කහතුඩුව රිලාවල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදීය.

මෙරටට වාහන ආනයන සිදු කරනු ලබන ව්‍යාපාරිකයකු විසින් මෙම රථවාහන මෙරටට ගෙන්වා ඇති බවට සැකපළ කරයි.

අදාළ රථ රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුතු බවට හෙළිවී ඇත.

එම රථ සොයාගන්නා අවස්ථාව වනවිටත් අදාළ වාහනවල එන්ජින් අංක සහ චැසි අංක සූරා ඇති බව අනාවරණය වී තිබේ.

මේ අතර අදාළ නිවසේ හිමිකරු වන වාහන ආනයන සිදු කරනු ලබන ව්‍යාපාරිකයා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් තිබේ.