බම්බලපිටිය බස් අනතුරේ CCTV වීඩියෝව

බම්බලපිටිය බස් අනතුරේ CCTV වීඩියෝව

August 16, 2023   05:12 pm

කොළඹ බෞද්ධාලෝක මාවත සහ ඩුප්ලිකේෂන් මාර්ගය සම්බන්ධ වන මංසන්ධිය අසලදී පසුගියදා සිදුවූ බස් රථ අනතුරේ CCTV දර්ශන අද (16) මාධ්‍ය වෙත නිකුත් කෙරුණි.

පුද්ගලයින් 07 දෙනෙකුට තුවාල සිදුවූ අදාළ අනතුර සිදුවී තිබුණේ බස් රථ රියදුරුගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් බව පොලීසිය පැවසීය.

මෙම අනතුර සිදුව තිබුණේ පෙරේදා දින අලුයම කාලයේදීය.

අලුයමට 5.30 ට පමණ පිටකොටුවේ සිට කතරගම බලා ධාවනය වූ බස් රථයක සහ ලොරි රථයක් ගැටීමෙන් අනතුරු සිදුවී තිබුණි.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 15 දෙනෙකු රැදී සිටි අතර ඉන් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

පොලීසිය පැවසුවේ ඩුප්ලිකේෂන් මාර්ගය ඔස්සේ පැමිණි බස් රථයේ රියදුරු මාර්ග සංඥා නොතකමින් ඉදිරියට ගමන් කිරීම හේතුවෙන් අනතුර සිදුවී ඇති බවය.

අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

(වීඩියෝව ඉහළින් නරඹන්න)