වෛද්‍ය සිසුවකුගෙන් ‍රන් පදක්කම් 10ක්

වෛද්‍ය සිසුවකුගෙන් ‍රන් පදක්කම් 10ක්

July 27, 2023   06:52 pm

ඊයේ (26) පැවති රජරට විශ්වවිද්‍යාලයේ 23 වන උපාධි ප්‍රධානෝත්සවයේදී රන් පදක්කම් 10ක් ලබා ගැනීමට වෛද්‍ය සිසුවකු සමත්ව තිබේ.

මෙම සිසුවා සමස්ත රන් පදක්කම් 19න් 10ක් දිනාගැනීමට සමත්ව ඇත.

මීට පෙරද ශිෂ්‍යාවක විසින් රන් පදක්කම් 09ක් ලබාගෙන ඇති අතර, රජරට වෛද්‍ය පීඨ ඉතිහාසයේ දැනට වැඩිම රන් පදක්කම් ගණන මෙය බව වාර්තා වෙයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ පදිංචි තරිඳු දේශාන් මාපා නමැති මෙම සිසුවාගේ දෙමව්පියන්ද වෛද්‍යවරුන් බව සඳහන්ය.

මේ පිළිබඳ රජරට විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ පීඨාධිපති මහාචාර්‍ය ජානක පුෂ්පකුමාර මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ, මෙම සිසුවාගේ දක්ෂතාව පිළිබඳ තමා ඉතාම සතුටට පත්වන බවයි.

එසේම මෙවැනි ආකාරයේ දක්ෂ සිසුවකු ලංකාවේ ඉතිරි වේදැයි යන සැකයද තමාට පවතින බව මහාචාර්‍යවරයා පැවසීය.

මෙම සිසුවා රජරට වෛද්‍ය පීඨයේ කථිකාචාර්‍යවරයකු ලෙස සේවයට එක්වනවා නම්, රජරට වෛද්‍ය පීඨය ලෙස තමා ඇතුළු මුළු පීඨයම ඊට කැමැත්තෙන් පසුවන බවද පීඨාධිපතිවරයා අද දෙරණ සමඟ පැවසීය.

රජරට වෛද්‍ය පීඨයේ වැසිකිළි වළ උතුරන විට එය නඩත්තු කරගත නොහැකි මට්ටටමට රජරට වෛද්‍ය පීඨයට මුදල් අර්බුදයක් පවතින බවත් එවැනි තත්ත්වයක් පවතින විටදී මෙම දරුවන් ලද ජයග්‍රහණ ගැන තමා සතුටු වන බවත් මහාචාර්‍යවරයා අවධාරණය කළේය.

තරිඳු දේශාන් මාපා සිසුවා ලබාගත් රන් පදක්කම්,

1.    Prof. P.A.J. Perera Gold Medal   for Best Performance in Biochemistry  
2.    Prof.  Malini Udupihille Gold Medal  for Best Performance in Physiology 
3.    Prof. P.A.J. Perera Gold Medal for Overall Best Performance in 2nd MBBS Examination 
4.    Prof. Danister Weilgama Gold Medal for Best Performance in Microbiology  
5.    Prof. Suneth Agampodi Gold Medal for Outstanding Performance in Community Medicine  6.    Department of Community Medicine Gold Medal for Highest Aggregate in Community Medicine
7.    Dr. Dhananjaya Waidyaratne Gold Medal for Best Performance in Forensic Medicine  8.    Dr. Vasana Mendis Gold Medal for Best Performance in Pathology  
9.    Dr. A.B. Senavirathna Gold Medal for Best Overall Performance in 3rd MBBS Examination  10.    Prof. Sisira Siribaddana Gold Medal for Best Performance in Medicine