EPF ණය කප්පාදුවට එරෙහිව ගොනුකළ පෙත්සමට අධිකරණය දුන් නියෝගය

EPF ණය කප්පාදුවට එරෙහිව ගොනුකළ පෙත්සමට අධිකරණය දුන් නියෝගය

July 27, 2023   02:31 pm

සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලෙන් ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සළකා බැලීම සඳහා ලබන 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

එසේම මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ඊට සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කාලය ලබා දෙන ලෙස නීතිපතිවරයා අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව ඊට කල් ලබාදෙමින් අධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.

රජය විසින් සිදු කිරීමට යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලෙන් ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අන්තර් සමාගම් සේවක සංගමය සහ එහි සභාපති වසන්ත සමරසිංහ, එහි ලේකම් ජනක අධිකාරි ඇතුළු හය දෙනෙකු වෙනුවෙන් නීතිඥ සුනිල් වටගල මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.