EPF තැන්පතු පොලීයට බලපෑමක් නෑ - මහ බැංකු අධිපති

EPF තැන්පතු පොලීයට බලපෑමක් නෑ - මහ බැංකු අධිපති

June 29, 2023   10:04 am

සේවක අර්ථසාධක අරමුදලෙහි තැන්පතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.

එහිදී ඔහු පැවසුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී එම තැන්පතු සඳහා ගෙවනු ලබන 09% පොලීයට කිසිදු බලපෑමක් සිදුනොවන බවය.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද (29) උදෑසන පැවති සාකච්ඡාවකදී ඔහු ඒ බව පැවසීය.