ක්‍රිකට් ලෝක කුසලානය ඉහළ අහසට 

ක්‍රිකට් ලෝක කුසලානය ඉහළ අහසට 

June 27, 2023   12:48 pm

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ලෝක සවාරිය අපූරු අන්දමකින් ආරම්භ කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.

ඒ ලෝක කුසලානය බැලූනයක ආධාරයෙන් පොළොව මට්ටමින් අඩි 120,000ක් ඉහළට යවමිනි.

ඒ අනුව ඕනෑම ක්‍රීඩාවකට සම්බන්ධ කුසලානයක් "අපවර්තී ගෝලය" වෙත යැවූ පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා අතරට එක්වෙයි.

මෙවර එක්දින ලෝක කුසලානය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 18කට රැගෙන යාමට නියමිතය.

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේදී අරම්භවීමට සූදානම් කර තිබේ.