දෙදරු මවගේ සිරුර බෝගම්බර වැවෙන් හමුවෙයි 

දෙදරු මවගේ සිරුර බෝගම්බර වැවෙන් හමුවෙයි 

June 20, 2023   03:21 pm

මහනුවර බොගම්බර වැවේ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

නුවර පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයේදී  අද (20) පෙරවරුවේ එම කාන්තා සිරුර සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 31 හැවිරිදි මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවක් බව වාර්තා වෙයි.

මෘත ශරීරය මහනුවර රෝහලේ තැන්පත් කර තිබේ.

මියයෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙය සියදිවි හානිකර ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව මහනුවර පොලීසිය පැවසුවේය.