රජයේ ඖෂධවේදීන්ගේ වැඩ වර්ජනය අවසන්

රජයේ ඖෂධවේදීන්ගේ වැඩ වර්ජනය අවසන්

June 17, 2023   07:52 am

‍රජයේ ඖෂධවේදීන් ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය අද (17) පෙරවරු 08ට අවසන් කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති තුෂාර රණදේව මහතා පවසන්නේ බලධාරීන් තම ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී අඛණ්ඩ වර්ජනයක නිරත වන බවය.

ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු ස්ථාන මාරු කිරීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක කර තිබුණි.

මේ හේතුවෙන් රෝහල් රැසක රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා බාධා එල්ල වූ අතර තමන් දැඩි අසීරුතාවට පත්වූ බවට රෝගීන් චෝදනා කළේය.