සුබසාධන ප්‍රතිලාභ ලබාදෙන පිරිස ගැන රජය තවත් හොයයි

සුබසාධන ප්‍රතිලාභ ලබාදෙන පිරිස ගැන රජය තවත් හොයයි

May 17, 2023   07:36 am

සුබසාධක ප්‍රතිලාභ දීමනාව ගෙවීම් සඳහා ප්‍රදේශීය ලේකම්කාර්යාලවලට ලැබුණු සංගනණය කරන ලද තොරතුරු නැවත පරීක්ෂා කිරීම කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

එහි සභාපති බී. විජයරත්න මහතා සඳහන් කළේ, නැවත පරීක්ෂා කළ අයදුම්පත්‍ 158,000 දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති බවය.

"සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සුබසාධක ප්‍රතිලාභ දීමනා ගෙවීම සඳහා වූ වැඩපිළිවෙළේ මේ වන විට සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලැබුණු සංගනණය වූ තොරතුරු නැවත පරීක්ෂාකිරීම හා සත්‍යාපනය කිරීමේ කටයුත්ත මේ දවස්වල ලහි ලහියේ සිද්ධ වෙනවා. ඒ අනුව ඒසේ ලැබුණු අයදුම්පත නැතිනම් ගෙවල්වල විස්තර 88,000ක ප්‍රමාණයක් අපේ දත්ත පද්ධතියට ඇතුළු කරලා තියෙනවා. ඊයේ දවස තුළ 69,000ක විතර ප්‍රමාණයක් ඇතුළු කරලා තියෙනවා. මේ අනුව අපි තව දවස් 5, 6කින් මේ ක්‍රියාවලිය අවසන් වෙයි. ඊට පස්සේ අපිට සුදුසුකම්ලාභීන්ගේ ලැයිස්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ප්‍රදර්ශන කිරීමට පුළුවන් වෙයි කියන අපේක්ෂාව අපිට තියෙනවා."