ලෝක බොර තෙල් මිලේ වෙනසක්

ලෝක බොර තෙල් මිලේ වෙනසක්

April 30, 2023   04:32 pm

ලොව විශාලතම බලශක්ති පාරිභෝගිකයෙකු වන එක්සත් ජනපදයේ ඇති ඉල්ලුම ඉහළ යාමත් සමග තෙල් මිලෙහි වැඩිවීමක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හේතුවෙන් මෙලෙස බොර තෙල් මිල ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ බොර තෙල් මිල 2%කින් පමණ මේ වනවිට ඉහළ ගොස් ඇති බවය.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඉදිරියේ දී ඩොලර් 1.17කින් ඉහළ යා හැකි අතර, එවිට බැරලයක මිල ඩොලර් 79.54ක් පමණ විය හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දී ඇත.

එමෙන්ම WTI බොර තෙල් බැරලයක මිල ද ඩොලර් 2.02 කින් ඉහළ යා හැකි බවත් එවිට බොර තෙල් බැරලයක මිල ඩොලර් 76.78ක් විය හැකි බවද විශ්ලේෂකයින් පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර මෙරට ජනතාවට සහනයක් ලබාදෙමින් අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මාසයට නියමිත ඉන්ධන මිල සංශෝධනය පසුගිය මාර්තු මස 29 වනදා සිදුකෙරුණි.

මිල සූත්‍රයට අනුව මැයි මාසය සඳහා මිල සංශෝධනය හෙට (01) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.