කැලණි ගඟට වැටී පුද්ගලයෙක් අතුරුදන්

කැලණි ගඟට වැටී පුද්ගලයෙක් අතුරුදන්

April 15, 2023   11:31 am

කැලණි ගඟට ඇඳ වැටී පුද්ගලයෙකු අතුරුදන්වී ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (14) සවස් කාලයේදී යටියන්තොට අත්තනකැලය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.

සිද්ධියට මුහුණදී ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙකි.

කැලණිය ප්‍රදේශයට පිරිසක් වන්දනා ගමනක් ගොස් ආපසු පැමිණෙමින් සිටියදී අත්තනකැලය ප්‍රදේශයේදී කැලණි ගඟ අසල ආහාර ගැනීමෙන් අනතුරුව අතසේදීමට යෑමේදී ඔහු මෙම අනතුරට මුහුණදී තිබේ.

ඔහුව සැඩ පහර සමග ගසාගෙන ගොස් ඇති අතර පොලීසිය නාවික හමුදාව සමග එක්ව එම පුද්ගලයාව සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබේ.