රග්බි සංගම් මූලස්ථානයට මුද්‍රා තබයි

රග්බි සංගම් මූලස්ථානයට මුද්‍රා තබයි

April 14, 2023   12:41 pm

ටොරින්ටන්හි පිහිටි රග්බි සංගම් මූලස්ථානයට ක්‍රීඩා අමාත්‍යංශ බලධාරීන් විසින් මුද්‍රා තබා තිබේ.

ඒ පසුගිය 12වැනිදා ශ්‍රී ලංකා රග්බි සංගමය විසුරුවා හරිමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඒ සඳහා ස්ථාවරණකරණ කමිටුවක් පත්කිරීමත් සමඟය.

රග්බි නිලධාරීන් චෝදනා කරන්නේ තමන් දැනුවත් නොකර මුද්‍රා තබා එහි ඉබි යතුරු ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් රැගෙන ගොස් ඇති බවය.