වනඅලි ප්‍රහාරයකින් වනජීවි නිලධාරියෙක් මරුට

වනඅලි ප්‍රහාරයකින් වනජීවි නිලධාරියෙක් මරුට

March 29, 2023   12:59 pm

වනඅලියෙකු පළවා හැරීමේ මෙහෙයුමක යෙදී සිටි වනජීවි නිලධාරියෙකු, වනඅලි පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගලෙන්බිඳුණුවැව, පඩිකාරමඩුව ප්‍රදේශයට ඊයේ (28) රාත්‍රී කාලයේ පැමිණ සිටි වනඅලියෙකු පළවා හැරීමේ මෙහෙයුමකදී එම අනතුර සිදුව ඇත.

එසේ මියගොස් ඇත්තේ, 42 හැවිරිදි කීරියගස්වැව, මෙගොඩවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම වනජීවි නිලධාරීයා රිටිගල වනජීවි කාර්යාලයේ ප්‍රධානියා වශයෙන් රාජකාරියේ නිරතව සිට ඇති බව පොලීසිය පවසයි.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගලෙන්බිඳුණුවැව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.