2023 පළමු පාසල් වාරයේ පළමු අදියර ඇරඹේ

2023 පළමු පාසල් වාරයේ පළමු අදියර ඇරඹේ

March 27, 2023   06:50 am

2023 වසරේ පළමු පාසල් වාරයේ පළමු අදියර අද (27) ආරම්භ වේ.

කෙසේවෙතත් සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් යළිත් වරක් රජයේ සහ රජයේ අනුමත පාසල් අප්‍රේල් මස 04 වන දා සිට නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව එම පාසල් යළිත් අප්‍රේල් මස 17 වන දා ආරම්භ වීමට නියමිතය.

පළමු පාසල් වාරයේ දෙවන අදියර මැයි මස 12 වන සිකුරාදා තෙක් ක්‍රියාත්මක වීමට නියමිත අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා මැයි මස 13 වනදා සිට යළිත් පාසල් නිවාඩු ලබා දෙනු ඇත.

පළමු පාසල් වාරයේ තෙවන අදියර මැයි මස 25වන දා ආරම්භ වේ.

මෙම පාසල් වාරය ජූලි මස 20වන බ්‍රහස්පතින්දා දක්වා ක්‍රියාත්මක කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.