ශ්‍රී ලංකන් කාන්තාවන් පියාසර කළ යානය

ශ්‍රී ලංකන් කාන්තාවන් පියාසර කළ යානය

March 8, 2023   04:53 pm

කාන්තා දිනය සමරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය අද සුවිශේෂී ගුවන් යානයක් පියාසර කරවා තිබේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ එහි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාන්තා කාර්ය මණ්ඩලයකින් පමණක් සමන්විත වීමය.

එම යානය කටුනායක ගුවන්තොටුපොළේ සිට ඉන්දියාවේ ට්‍රිචි ගුවන්තොටුපොළ බලා පියාසර කර ඇත.

අද උදෑසන පියාසර කර ඇති යානයේ කාර්ය මණ්ඩලයට  කපිතාන් චාමිකා රූපසිංහ, පළමු පියාසර නිලධාරි බිමලී ජීවන්දර, ගුවන් කාර්ය මණ්ඩල ප්‍රධානී රෝෂානි දිසානායක, ගුවන් මැදිරි අධීක්ෂක උපුලි වර්ණකුල සහ ගුවන් සේවිකාවන් වන ලක්මිණි දිසානායක, ජයකලනී කින්සන් සහ හර්ෂි වල්පොල කංකානමාලගේ එක්ව ඇත.