පොලිස් ලොක්කාගේ ගෙට පැන්න හොරා - CCTV

පොලිස් ලොක්කාගේ ගෙට පැන්න හොරා - CCTV

February 7, 2023   11:56 am

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සරත් ලූගොඩ මහතාගේ කොහුවල පිහිටි නිවසින් රුපියල් ලක්ෂ 17කට අධික වටිනාකමින් යුත් රන් ආභරණ සොරාගත් 19 හැවිරිදි සැකකරු ආණමඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, සොරා ගෙන තිබූ රන් භාණ්ඩ විවිධ ස්ථානවලට විකුණා තිබූ අතර භාණ්ඩ සියල්ලම උණුකර තිබූ බවත් අනාවරණය වුණි.

ඉකුත් වසරේ අගෝස්තු 22 වන දා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පදිංචිකරුවන් නිවසින් පිටව ගිය අවස්ථාවක දී නිවසට ඇතුළු වී එම සොරකම සිදුකර තිබුණි.

සැකකරු එම දේපොළ සොරා ගැනීමට පැමිණි අවස්ථාවේදී ජංගම දුරකථනය කනෙහි රඳවා ගෙන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිවස ඉදිරිපිට රැඳී සිටින අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු තලංගම, මිරිහාන හා ගල්කිස්ස ප්‍රදේශවල සිදු වූ සොරකම් රැසකට අවශ්‍යව සිටි පුද්ගලයෙක් බව පොලීසිය පැවසීය.

සැකකරු නවගත්තේගම, වෙලේවැව උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.