චීන ජනපති ගෙන් ශ්‍රී ලංකා ජනපති ට ලිපියක්

චීන ජනපති ගෙන් ශ්‍රී ලංකා ජනපති ට ලිපියක්

January 14, 2023   08:02 pm

චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් එවා තිබේ.

එම ලිපිය මෙරට සංචාරයක නිරතවන චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෂව් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දී තිබුණි.

ඒ, අද (14) චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් ෂව් මහතා ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වු අවස්ථාවේදීය.

ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනයේ සහාය අපේක්ෂා කරන බවය.