රාජකාරිය දේවකාරිය කරගත් වෛද්‍යවරයා

රාජකාරිය දේවකාරිය කරගත් වෛද්‍යවරයා

January 4, 2023   10:58 am

මෙහි දැක්වෙන ඡායාරූපය සාමාන්‍යයෙන් රෝහලක දක්නට නොලැබෙන අවස්ථාවකි.

බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට අලුයම අසාධ්‍ය රෝගීන් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණි.

එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ස්ථානභාර නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්‍ෂ මහතා ඒ අවස්ථාවේ අදාළ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා හැකි ඉක්මණින් පැමිණ තිබුණේ මෙසේය.

අසාධ්‍ය රෝගීන් තිදෙනකු රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බවට රෝහලෙන් ලැබුණු කැඳවීමක් අනුව වෛද්‍යවරයා එලෙස රෝහලට පැමිණ තිබේ.

එම ඡායාරූප සම්බන්ධයෙන් වෛද්‍ය පාලිත රාජපක්‍ෂ මහතා සිය මුහුණු පොතේ මෙසේ සටහනක් තබා තිබිණි.

ඇඳුමද???
පැවරුණු ..
දේව කාරියද??
එක වරම..
අසාධ්‍ය රෝගීන්
තිදෙනෙකි ...😥😥😥
අලුයම.....
ඇමතුම සමීර මල්ලිගෙන්
අයියේ ඉක්මණින් වරෙන්..
ඇඳුම ???
ගැටලුවක් මට නැත..
කණ්නාඩි කූට්ටම..
කල්පගේ මල්ලිගෙනි..
අවුලක් අවශ්‍ය වන්නේ..
රාජකාරිය ඉටුකිරීමම පමණි ..
උපරිමයෙන් ඉටුකළෙමී...
කොට කලිසම ගැටලුවක් නොවිණි..
ඉතිං ඇඳුම ?????
මේ රැඩිකල්වීම නොවේ ...
කාරිය කිරීම වෙනුවෙන් ම
පමණි ....👍👍👍👍👍👍
.........සේයාරූ අසේල මල්ලිගෙනි.....