නව වසරේ අනතුරුවලින් 50ක් රෝහලේ

නව වසරේ අනතුරුවලින් 50ක් රෝහලේ

January 1, 2023   02:59 pm

2023 නව වසර ආරම්භයත් සමග සිදුවූ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

ඊයේ (31) මධ්‍යම රාත්‍රී සිට මේ දක්වා කාලය තුළ මෙම අනතුරු වාර්තා වන බව එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

එහිදී ගිනිකෙළි හේතුවෙන් සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු ද රෝහල් ගතකර තිබේ.

ඊට අමතරව ගැටුම් සහ රිය අනතුරු ඇතුළු විවිධ අනතුරු වලින් තුවාල ලැබූ පුද්ගලයින් පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බව කොළඹ ජාතික රෝහල සඳහන් කළේය.