බිත්තර රුපියල් 55ට දෙන්න එකඟතාවයක්

බිත්තර රුපියල් 55ට දෙන්න එකඟතාවයක්

December 26, 2022   09:20 pm

වෙළෙඳපොළ තුළ බිත්තර මිල සීඝ්‍ර ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා සහ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වීය.

එහිදී එළඹෙන 29 වනදා සිට බිත්තරයක් රුපියල් 55කට අඩු මිලකට පාරිභෝගිකයාට ලබාදීමට බිත්තර නිෂ්පාදක සංගම් එකඟතාව පලකර තිබේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් මහතා,

"මේ උත්සවසමය නිමාවීමත් සමඟ තියෙන බිත්තර අර්බුදය පැහැදිළිවම නැතුව යනවා. අතරමැදි වෙළෙන්දන් තමයි මේ බිත්තර මිල වැඩිකරලා තියෙන්නේ. අපි දැන් ලබන සතිය ඇතුළත කොළඹ නගරයට බිත්තර ලොරි 20ක් විතර ගෙනල්ලා පාරිභෝගිකයින්ට රුපියල් 55 ගානේ බිත්තර විකුණනවා."